ඉදිරි වසරවල බලශක්තිය - රටේ බල ශක්ති අවශ්‍යතා හා වත්මන් අර්බූදය

2008 ජුනි 03 වන දින ඩේලි මිරර් පත්‍රයේ පළ විය.

පරාක්‍රම ජයසිංහ විසිනි -  සභාපති ශ්‍රී ලංකාවේ ජීව බල ශක්ති ආයතනය.

අද පවතින්නේ බල ශක්ති අර්බූදයකට වඩා ආනයන කරන ලද බල ශක්ති මූලාශ්‍ර මත වැඩියෙන් රඳා පැවැත්ම හා අපට කිසිසේත් පාලනය කළ නොහැකි ලෝක මිල ගණන් වල ඉහළ යෑමෙන් හට ගත් මූල්‍ය අර්බූදයකි.

රටේ බල ශක්ති අවශ්‍යතා හා වත්මන් අර්බූදය ගැන කතා කරන විට විදුලි බලශක්ති අවශ්‍යතා ගැන පමණක් සාකච්ඡාවීම අවාසනාවකි. රටේ මුළු බලශක්ති පරිභෝජනයෙන් විදුලි බල අවශ්‍යතා වන්නේ 10% පමණක් බව පිළි ගත යුතුය. ( ජාතික බලශක්ති ශේෂ පත්‍රය- බලශක්ති සංරක්ෂණ අරමුදල.) ශේෂ පත්‍රයේ වැඩිම ප්‍රමාණයක් ගනු ලබන්නේ ප්‍රවාහනය හා කාර්මික බල ශක්ති ඉල්ලුම සඳහාය. සාමාන්‍ය නිවාස වල ගෑස් හා ලාම්පු තෙල් මිල ඉහළ යෑමෙන් ගෘහස්ථ බලශක්ති පිරිවැයද සැලකිය යුතු ප්‍රශ්නයකි.

එමනිසා රටේ මූලික අවශ්‍යතාවය වන්නේ පාරිසරික වශයෙන් වඩාත් හිතකර මෙන්ම ආනයනය කළ ෆොසිල ඉන්ධන භාවිතා කිරීමට ලබා දී ඇති ඉඩ ප්‍රස්ථා හා පහසුකම් වලින් කොටසක් හෝ ලබා දීමෙන් හෝ මිලෙන් අඩු විකල්පයක් වන දේශීය බල ශක්ති මූලාශ්‍රයක් කෙරේ අවධානය යොමු කිරීමය. ආනයනය කළ ඉන්ධන වර්ගයක් වන ගල් අඟුරු තවදුරටත් ලාභ ඉන්ධන වර්ගයක් නොවේ. ගල් අඟුරු මිල, නිෂ්පාදනය කරන රටවලම ටොන් එකක් ඩොලර් 20.00 සිට ඩොලර් 140 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් ගල් අඟුරු සම්පත් නොමැති නිසා අපගේ බලාගාර වලට ගල් අඟුරු ප්‍රවාහනය කිරීමට සිදු වන්නේ තෙල් දහනය කරන නැව් වලිනි. ඒ අනුව බලාගාර වලදී ප්‍රවාහනය කරන ලද ගල් අඟුරු මිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වනු ඇත. නොරොච්චෝලෙයි බලාගාරය ක්‍රියාත්මක කරන විට මිල මට්ටම කුමක් විය හැකිද යන්න කිසිවෙකුට කිව නොහැක. වඩාත් වැදගත් වන්නේ ගල් අඟුරු කිලෝ ග්‍රෑමයකින් නිපදවන බලශක්ති ප්‍රමාණය දර කි.ග්‍රෑ.1.5 කින් ලබා ගත හැකි වීමය. එහි පිරිවැය රු. 5.00 ක් පමණක් වන අතර එම මුදල ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට ගලා යනු ඇත.

කෙටි කාලීන බලශක්ති අවශ්‍යතා වලට මුහුණ දීම සඳහා නොරොච්චෝලෙයි ගල් අඟුරු බලාගාරය අවශ්‍ය වන අතර මධ්‍ය කාලීන අවශ්‍යතා පිරිමැසීමට ත්‍රිකුණාමලයේ යෝජිත මෙගා වොට්ස් 500 බලාගාරයද අවශ්‍ය වනු ඇත. ගල් අඟුරු මිල තෙල් මිලට වඩා අඩු වුවත් මෙසේ කළ යුතු වන්නේ පවතින ගල් අඟුරු මිල කුමක් ද යන්න නොසලකාය.

කෙසේ වුවත් දැනට යෝජනා වී ඇති ආකාරයට නොරොච්චෝලෙයි බලාගාරය මෙගා වොට්ස් 900 දක්වාද ත්‍රිකුණාමලයේ හෝ වෙනත් තැනක පිහිටු වන බලාගාර තවත් පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් ද පවතින බැවින් අපට ගල් අඟුරු බලාගාර මත වැඩි වැඩියෙන් යැපීමට සිදු වනු ඇත. දැනට පවතින ගල් අඟුරු මිල මට්ටම හා ඉදිරි වසර වල අති විය හැකි තත්වය සැලකිල්ලට ගත් විට මෙය කුමන අර්ථයෙන් වුවද මෝඩ කමකි. දැනට පවතින ගල් අඟුරු සම්පත් වලට චීනයෙන් හා ඉන්දිය‍ාවෙන් ඇති වන විශාල ඉල්ලුම නිසා මිල ගණන් තවත් ඉහළට තල්ලු වන අතර ශ්‍රී ලංකාව වැනි කුඩා රටලට ගල් අඟුරු අවශ්‍යතා ලබා ගැනීමට වැඩි මුදලක් ගෙවීමට සිදු වේ. මේ ආකාරයට අනාගතයේදී රටේ ප්‍රධාන බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම ක්‍රියා මාර්ගය  ප්‍රධාන මාර්ගය ලෙස යොදා ගැනීමෙන් අසූ ගණන් වල තෙල් කෙරේ වැඩියෙන් යැපීම නිසා පැවති තත්වයට නැවතත් පත්වෙනු ඇත. කියෝටෝ සන්ධානය යටතේ හරිතාගාර ගෑස් විමෝචනය අඩු කිරීමේ බැඳීමක් ශ්‍රී ලංකාවට පැවරෙන්නේ නැත. අප කිසියම් අන්තර් ජාතික නෛතික බැඳීමකින් තොර වුවද ගල් අඟුරු යොදා ගැනීමෙන් ඇති වන සෞඛ්‍ය හා පාරිසරික අනතුරු අමතක කළද ගෝලීය උණුසුම් වීමට තව දුරටත් දායක නොවීමේ සදාචාරමය වගකීමක් පවතී. අප පත්ව ඇති අවාසනාවන්ත තත්වය සැලකිල්ලට ගත් විට ගල් අඟරු බලාගාර දෙකකින් අවශ්‍යයෙන්ම ඇති කරන පාරිසරික අනතුරු තේරුම් ගැනීම වැදගත්ය. මෙගා වොට්ස් 900 හා 500 බලාගාර දෙක වාර්ෂිකව ගල් අඟුරු ටොන් 4,000,000.000 ක් යොදා ගනු ඇත. මේවායින්  කාබන් ඩයොක්සයිඩ් ටොන් දශ ලක්ෂ 10 කට වඩා පරිසරයට එක් කිරීමෙන් ශ්‍රී ලංකාවද ගෝලීය උණුසුම් වීමට සැලකිය යුතු මට්ටමකින් දායක වනු ඇත.

අපට ඉතාම හොඳ සල්ෆර් අඩු ගල් අඟුරු එනම් සල්ෆර් අන්තර්ගතය 1% ක් වන ගල් අඟුරු මිල දී ගැනීමට හැකි වුවත් ඉන් සල්ෆර් ටොන් 40,000,000 ක් අනිවාර්යෙන්ම මුදා හරී. සල්ෆර් මෙපමණ ප්‍රමාණයක් විමෝචනය වීම වැළැක් වීමට අවශ්‍ය උපකරණ බලාගාර වලට හඳුන්වා දෙනු ඇත. කෙසේ වුවත් සල්ෆර් ඔක්සයිඩ් රඳවා ගැනීමට මෙම උපකරණ වලට හැකියාවක් ඇත්ද යන්න හා ඒවා වසර පුරාම කාර්යක්ෂමව ක්‍රියා කරන්නේද යන්න ගැන සහතිකයක් නැත. අනෙක් අතට රඳවා ගත් සල්ෆර් ද්‍රව හෝ ඝන භාවයට පත්ව ලංකාවේම පරිසරයේ රැඳෙනු ඇත.

ගල් අඟුරු ටොන් කෝටි 400 ක් දහනය කිරීමෙන් ඇති වන පාවෙන හා පතුළේ ඇති අළු( Fly ash and bottom ash)  යන දෙකම ඇතුළත් විශාල අළු ප්‍රමාණය ඉවත් කරන ආකාරය ගැන තවම පැහැදිලි කිරීමක් නැත. සම්ප්‍රදියිකව කරන ලද ගණන් බැලීම් වලදී මෙය අඩුම වශයෙන් 2% ක් වනු ඇත. සාමාන්‍යයෙන් ඉන් ලැබෙන අළු සිමෙන්ති කර්මාන්ත‍යට යොදා ගැනේ. අප‍ෙග් සිමෙන්ති කර්මාන්තයට වාර්ෂිකව බැහැර කරන අළු ටොන් දශ ලක්ෂ 80 ක් යොදා ගැනීමට හැකි වන්නේද?

ඉතා ඉක්මනින් නොරොච්චෝලෙයි හා සාම්පූර් හි ඉදි කෙරෙන බලාගාර දෙක නිසැකයෙන්ම ඉදි වන නිසා ඉහත සඳහන් අනතුරුදායක තත්වයන්ට අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදු වනු ඇත.

වඩ වඩාත් ගල් අඟුරු බලාගාර ඉදි කිරීමෙන් මෙම ප්‍රශ්නය තවත් උග්‍ර කරවීමේ අවශ්‍යතාවයක් නැත. මෙවැනි අනතුරුදායක පියවරක් ගැනීමේ යෝග්‍යතාවය උනන්දුවක් දක්වන සියල්ලන්ගේම අවධානයට ලක් විය යුතුය.

පිළිගත හැකි විකල්ප ගැන කිව හැක්කේ කුමක්ද? මෙම මාතෘකාව සාකච්ඡාවට ලක් වෙන ඕනෑම තැනකදී අපට ලබා ගත හැකි සම්පත් අඩුවෙන් තක්සේරු කිරීම හා නොවැදගත් බවට පත් කිරීම කණගාටුදායකය. තහවුරු කළ නොහැකි වැරදි විශ්වාසයන් ගැන ඔවුහු අල්ප මාත්‍ර හෝ සැලකිල්ලක් දක්වන්නේ නැත. දේශීය හා මිලෙන් අඩු සම්පත් ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් හා සහයෝගයක් දක්වන්නේ නම් අනාගත පරපුරේ සුභසාධනය උකසට නොතබා ආනයනය කළ අපවිත්‍ර ඉන්ධන කෙරේ තවදුරටත් විශ්වාසයත් නොතබා එලඹෙන අර්බූදයට ඉතා ඉක්මණින් මුහුණ දීමට හැකි වනු ඇත.

‍ෙමහිදී කුඩා ජල විදුලි සම්පත් වර්ධනය කිරීම දැක් විය හැක. සමහර තැන් වලින් එල්ල වූ බාධා කිරීම් තිබුණද රජයෙන් ගනු ලැබු සමහර ප්‍රගතිශීලි පියවර නිසා දේශීය ව්‍යවසායකයන් මෙගා වොට්ස් 90 කුඩා විදුලි බලාගාර ගොඩ නැගීමට ඉදිරිපත් ව සිටී. රජයේ ආයතන වලට පහසුවෙන් විසඳිය හැකි සමහර තාක්ෂණික බාධක ඉවත් කරන්නේ නම් ඉදිරි වසර දෙක ඇතුළත මෙ.වො.200- 300 අතර අතිරේක ජල විදුලි බල ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතී.

එසේ වුවත් අපේ බලශක්ති ඉල්ලුම ඊට වඩා විශාලය. අවශ්‍ය පියවර වහාම ගන්නේ නම් යෝජිත ගල් අඟුරු බලාගාර වලින් අපේක්ෂිත ප්‍රමාණයේම බල ශක්ති නිපද වීමට මූලාශ්‍ර අප සතුය.

ඉතාමත් බහුල වශයෙන් ලබා ගත හැකි හා පහසුවෙන් වර්ධනය කළ හැකි මූලාශ්‍රයක් වන්නේ දේශීය, පිළිසකර කළ හැකි, ලාභ හා තවත් ප්‍රතිලාභ ගණනාවකට මූලාශ්‍රයක් වන ග්ලිරිසිඩියා සෙපියම් වැනි දර සඳහා යොදා ගන්නා වගාවන් නොකඩවා සිදු කිරීමය. එවැනි ප්‍රතිලාභ ශ්‍රී ලංකා ජීව බලශක්ති සංගමය පෙන්වා දී ඇති අතර එහි වෙබ් පිටුවේ www.bioenergysrilanka.lk හි පළ කර ඇත.

පිළිසකර කළ හැකි බලශක්තිය ගැන සාකච්ඡා කරන ඕනෑම අවස්ථාවක සූර්ය බලශක්තිය හා සුළං බලය ගැන පමණක් මූලික විකල්ප ලෙස කතා කිරීම පුරුද්දකි. මේවා මධ්‍ය කාලීනව සහ දීර්ඝ කාලීනව ඉලක්ක කර ගැනීමට සුදුසු විකල්ප වුවත් පවතින තත්වය යටතේ අපක්ෂපාත ඇගයීමකදී ඒවා වියදම් අධික පහසුවෙන් සංවර්ධනය කළ නොහැකි බව පෙනෙනු ඇත. මෙම සම්පත් මූලාශ්‍ර වලින් රටේ බල ශක්ති අවශ්‍යතාවයන්ට සැලකිය යුතුදායකත්වයක් නොවන අතර ලාභ බල ශක්ති මූලාශ්‍රයන්ද නොවේ.

ජාතික විදුලි බල පද්ධතියෙන් ඈත පිහිටි ගම් වලට විදුලි ආලෝකය ලබා දීමට සූර්ය pv වලින් කර ඇති දායකත්වය අගය කළ යුතු අතර එය වඩාත් පුළුල් කළ යුතුය. එසේ වුවත් ජාතික බල ශක්ති අවශ්‍යතාවය අනුව ඉන් කළ හැකි දායකත්වය ඉතා කුඩාය. රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් වන්නේ කර්මාන්ත හා ගෘහස්ථ භාවිතය සඳහා තාප බලශක්ති ඉල්ලුම බව පෙන්වා දී තිබිණ. දර සඳහා නොකඩවා කෙරෙන වන වගාවෙන් වන දායකත්වය වඩාත් වැදගත් වන්නේ මෙවැනි පරිසරයක් යටතේය. දැනට කර්මාන්ත සඳහා වාෂ්ප හා උණුසුම් වාතය ජනනය කිරීමට ආනයනය කරන ටොන් 400,000 ක පැට්‍රෝලියම් නිෂ්පාදන වෙනුවට වහාම දර යොදා ගැනීමට ඇති හැකියාව යථාර්ථයකි. ඒ සඳහා අවශ්‍ය වනුයේ දර වන වගාව සඳහා හෙක්ටෙයාර් 65,000 ක් පමණි. ඊට නව තාක්ෂණයක් අවශ්‍ය නොවන අතර පවතින යන්ත්‍ර වල හා පහසුකම් වල සුළු වෙනස් කිරීම් පමණක් සෑහේ.  ඒ සඳහා වන වියදම ඉතිරි වන බල ශක්ති පිරි වැයෙන් මාස කීපයකදී ආපසු ලබා ගත හැක.

අනෙක් අතට අවශ්‍ය කෙරෙන බලශක්ති වන වගාව කිරීමට රටේ කැමැත්තක් හා ධෛර්යක් ඇත්නම් ඩෙන්ඩ්‍රෝ සම්පත් මූලාශ්‍ර යොදා ගැනීමෙන් ගණන් බලා ඇති ආකාරයට මෙගා වොට්ස් 4000 කටත් වඩා වැඩි විදුලි බල ශක්තියක් ජනනය කිරීමේ විභවයක් පවතී. දර සැපයුම තහවුරු කෙරෙන්නේ නම් බලාගාර සඳහා ආයෝජනය කිරීමට දේශීය හා විදේශීය ආයෝජකයෝ රැසක්ම සිටිති.

කියෝටෝ සන්ධානය යටතේ ඉටු කළ යුතු කිසියම් ඉලක්කයක් ශ්‍රී ලංකාවට නැති බව සඳහන්ව ඇත. නමුත් කාබන් හර (Carbon credits) මිල විශාල වශයෙන් වැඩි වීමට තුඩු දුන් කාබන් වෙළදාමට පිවිසීමෙන් සන්ධානය යටතේ ඇති පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණයෙන් (Clean Development Mechanism) ප්‍රතිලාභ ලැබීමට ඉතා හොඳ තත්වයක අපි සිටිමු. ශ්‍රී ලංකාවේ වාර්ෂික පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණයේ විභවයන් ගැන සම්ප්‍රදායිකව කරන ලද ගණනයක් පහත සඳහන් වගුවේ දැක්වේ.

දැනට පවතින CER යුරො 15.00 ක් පමණ වන මිල මට්ටම අනුව මෙය ශ්‍රී ලංකාවට සුවිශාල ආධායම් මාර්ගයක් වේ. විශාලතම දායකත්වය ලැබෙන්නේ ෆොසිල ඉන්ධන වෙනුවට පිළිසකර කළ හැකි ඉන්ධන හා පිළිසකර කළ හැකි ඉන්ධන බලශක්ති ජනනයෙනි. මෙවැනි තත්වයක් යටතේ අපට දේශීය පිළිසකර කළ හැකි බලශක්ති මූලාශ්‍ර වලින් අපගේ බලශක්තිය ලබා ගන්නා අතර එමගින් විශාල වි‍ෙද්ශ විනිමය ප්‍රමාණයක් පිටරට ගලා යෑම වැළැක්වීමටත් විදේශ විනිමයෙන් අතිරේක ආධායමක් උපයා ගැනීමටත් හැකි වනු ඇත.

අලුත් කළ හැකි සම්පත් මූලාශ්‍ර සංවර්ධනය කිරීමට රජය සමහර අර්ථවත් පියවර ගෙන ඇත. ජාතික බල ශක්ති ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කිරීමේ විශාල අභියෝගයට අලුතින්ම ස්ථාපනය කළ ධරණීය බලශක්ති අධිකාරියට මුහුණ දීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ පිළිසකර කළ හැකි සම්පත් මූලාශ්‍ර වල ඉමහත් විභවය රාජ්‍ය නිලධාරීන් පිළි ගන්නා බව තහවුරු කිරීමේ සහ දැනටමක් නියම කර ගෙන ඇති ඉතා අඩු මට්ටමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට පෙරමුණ ගෙන ක්‍රියා කිරීමේ වඩාත් වැඩි වගකීමද ඔවුන්ට පැවරේ.

Designed by TrusteOnline.

 

Youtube Channel

Get in touch with us

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.