"පාරිසරික දායාද ඉවත දමා ගල් අඟුරු ආකරයක්වත් නැති අපි ගල් අඟුරු බලශක්තිය ගැන හීන දකිනවා" - විදුලි අර්බුදය සහ පුනර්ජනනීය බලශක්ති පිළියම් මාධ්‍ය හමුව

Let's Bridge the Gap !   පරතරය පියවමු !

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තිරසාය හා ඵලදායි ලෙස රටේ ජාතික ආර්ථිකයට දායක කිරීම පිලිබඳ මාධ්‍යා හමුව සහ සංවාද සභාව, පුනර්ජනනීය බලශක්ති සංගම් එකමුතුව විසින් 2017 පෙබරවාරි 23 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදී.

Press Conference and Panel Discussion on Energy Crisis and Renewable Energy Option - organized by the Coalition of Renewable Energy Associations - held on 21st February 2017 at Sri Lanka Foundation Institute.

As stake holders of the renewable energy industry, it is our bounden duty to place before the policy makers and the general public our views and suggestions for a sustainable energy security especially in view of the looming power crisis.

Most of the countries are shutting down their coal, oil and even nuclear power plants and look towards sustainable and green energy to fulfill their needs in multiple sectors such as electricity generation, transport, heating & cooling and other industrial use. Sadly, Sri Lanka, in spite of the enormous potential for clean energy mother nature’s bounty has made available to her, continues to embrace polluting coal and oil.

This press conference was therefore geared towards holding an effective dialog on prevailing energy crisis in our country and renewable energy options available to us in the context of electricity generation to meet long term generation action plan rather than implementing ad hoc solutions promoting thermal generation that contributes to worst effects of climate change and global warming. It goes without saying that the public is asked to bear the economic burden of the irresponsible exercise where enormous amounts of foreign exchange is spent on thermal generation (oil and coal), which could be retained within the local economy and help sustain local renewable energy industry.

Some of the salient points taken up at the event were: addressing the arguments put forward against the effective use of renewable energy, policy and institutional gap in utilising renewable energy resources, and renewable energy options to address the immediate issues we are facing.

Panel Discussion Resource Team:

Mr. J. D. K. Wickramaratne, Chairman, Sri Lanka Sustainable Energy Authority
Mr. Parakrama Jayasighe, Past President of Bio Energy Association of Sri Lanka
Mr. Asoka Abeygunawardana, Chairman, Strategic Enterprise Management Agency

Representing Organisations:
Bio Energy Association of Sri Lanka
Small Hydro Power Developers Association
Wind Developers Association
Solar Developers Association
Renewable Energy Producers Association

Organising Team:
Mr. P. R. Wijewardena (Convener) – 0718 067 381
Mr. Nelson Nangasighe
Mr. Aruna Kadurupokuna
Mr. Gamini Perera
Mr. Mahinda Thennakoon

Let's Bridge the Gap !   පරතරය පියවමු !
Let's bridge the gap between government energy policy and its implementation.
රජයේ බලශක්ති ප්‍රතිපත්තිය සහ එය ක්‍රියාත්මක කිරීම අතර ඇති පරතරය පියවමු.

 

Watch the Press Conference and Panel Discussion on BEASL YouTube Channel:
https://www.youtube.com/playlist?list=PLslghkS_oQjN_38gTvrOUnUnpC6_GrByL

 


පාරිසරික දායාද ඉවත දමා ගල් අඟුරු ආකරයක්වත් නැති අපි ගල් අඟුරු බලශක්තිය ගැන හීන දකිනවා

www.mawbima.lk, 2017 පෙබරවාරි  23, හර්ෂනී අර්සකුලරත්න විසිනි

සුළං, හිරුඑළිය, ජල විදුලිය, මුහුදු රළ, දැව ආදී පුනර්ජනනීය බලශක්ති උපයෝගී කර ගනිමින් බලශක්ති උත්පාදනයෙන් මෙරට ආර්ථිකයට දැනෙන වෙනසක් කළ හැකි බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

මෙරට ආනයන වියදමෙන් 50%ක්ම වියදම් වන්නේ ගල් අඟුරු, ඩීසල්, පෙට්රල්, ගෑස් ආදී බලශක්ති ආනයනයට බවත් රටේ සම්පත්ම යොදා ගනිමින් බලශක්ති උත්පාදනය කිරීම තුළින් මේ වියදම ඉතිරිකර ගත හැකි බවත් ඒ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (21දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

අරාබිකරයට ගොස් දුක්මහන්සි වී අපේ කාන්තාවන් මෙරටට ගෙන එන විදේශ විනිමයට වඩා මුදලක් රටට ලබා ගත හැකි ක්‍රමයක් තමයි මේ. මේ අතරින් සූර්ය බලශක්තිය ගැන කතා කළොත් ලොව ලාභම බලශක්ති ක්‍රමය තමයි සූර්ය පැනල ආධාරයෙන් නිපදවන බලශක්තිය.

අපට අවශ්‍ය කෝටි 2ක ජනතාවගෙන් නිරපරාදේ පිටරටට ඇදී යන මුදල් ආරක්‍ෂා කරගන්න වගේම රටට ආර්ථික ශක්තියක් ලබාදෙන ගමන් පාරිසරික ගැටලු අවමකර පුනර්ජනනීය බලශක්ති තුළින් අපේම බලශක්තියෙන් රටම සුරක්‍ෂිත කරවන්න.

එහිදී අදහස් දැක්වූ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.

අපේ රටේ පවතින විදුලි අර්බුදයට පිළියම් සෙවිය යුත්තේ බලශක්ති සුරක්‍ෂිතතාව ගැන අවධානය යොමු කරමිනුයි. දිනෙන් දින උග්‍රවන විදුලිබල අර්බුදය කළමනාකරණය කළ යුතුයි. අව්ව, වැස්ස, සුළං අපිට නො අඩුව තියෙන පාරිසරික දායාද. මේවා ප්‍රයෝජනයට නොගෙන ගල් අඟුරු ආකරයක්වත් නැති අපි ගල් අඟුරු බලශක්තිය ගැනම සිහින දකින එක නවතා දමන්න කාලය එළැඹිලයි තියෙන්නේ. ගල් අගුරු නිධි ඇති ඕස්ට්‍රේලියාව පවා පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවී ඇත්නම් ඇයි ගල් අඟුරු ආකරයක්වත් නැති අපට ඒක කරන්න බැරි.

ශ්‍රී ලංකාව කියන්නේ වසර පුරා හිරුඑළිය ඇති නිවර්තන කලාපීය රටක්. අඳුරු ගල් යුගයෙන් ඉවත් වෙලා ගල් අඟුරු මාෆියාව පැත්තකින් තියලා රටේ ආර්ථික, සමාජ, පාරිසරික ගැටලුවලට හොඳම උපක්‍රමය කුමක්දැයි සිතා බැලිය යුතු කාලය එළැඹ තියෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා 100% කින්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කරා ලංකාව ගෙන යනවා කියලා. දින 100 වැඩපිළිවෙළින් ඉදිරිපත් වුණෙත් 2030 වන විට 100%ක්ම දේශීය බලශක්තිය මත කටයුතු කළ යුතුයි කියන අදහසයි. මේ ප්‍රතිපත්ති දෙකේම ගල් අඟුරුවලට ඉඩක් නැහැ.

ගල් අඟුරු මාෆියාව පැත්තකට දමා තෙල් මාෆියාවට ඉඩ නොතබා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි වහා වහා ජනතාව යොමු කළ යුතු කාලයක් මේ සූර්ය බල සංග්‍රාමය යටතේ බිලියනයක් වූ සූර්ය වහල කඩිනම් කළ යුතුයි. සූර්ය උද්‍යාන ඇති කිරීම කඩිනම් කළ යුතුයි. සුළං සහ දැව බලාගාර ඇතිකිරීම කඩිනම් කළ යුතුයි. ලොව සියලු රටවල් එකඟවෙලා ඉවරයි ගල් අඟුරු සහ ඛනිජ තෙල් භාවිතයෙන් වැළකීමට. මේවා දහනයෙන් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදාහැරෙන නිසාත් මේ හේතුවෙන් දිනෙන් දින මිහිතල උෂ්ණත්වය ඉහළ යන නිසාත් මේ පියවර ගත යුතුයි. ඒ වගේම ගංවතුර, සුළි සුළං, කුණාටු ආදී විපත් අද වැඩියි. ඒවායේ තීව්‍රතාවත් වැඩියි. ඊට බලපාලා තියෙන්නෙත් පෙර කී හේතුමයි.
 


ගල් අඟුරු ජාවාරම්කරුවන් සහ ඉන්ධන ජාවාරම්කරුවන් විසින් මෙරට තුල ගල් අඟුරු සහ ඩීසල් බලාගාර ස්ථාපිත කිරීමට උත්සාහ ගත්තත්, තවත් ගල් අඟුරු බලාගාර මෙරට තුල ඉදිනොවනබව ස්ථිරයි !

www.ada.lk, 2017 පෙබරවාරි 22

(Article in "Ada" newspaper on the press conference on "Energy Crisis and Renewable Energy Option" held at the Foundation Institute and organized by the Coalition of Renewable Energy Associations on 21st Feb 2017).

 

Designed by TrusteOnline.

 

Youtube Channel

Get in touch with us

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.