වාසිදායක ව්‍යාපාරයක් විය හැකි දර අඟුරු නිෂ්පාදනයට යොමු වෙමු

හිතවත් මිතුරනි,
අපගේ මෙම වෙබ් අඩවියේ සාමාජිකයින්  සියලු දෙනාම  කෘෂිකර්මාන්තයට යම්කිසි ලෙසකින් සබැඳියාවක් ඇති අය ලෙස සලකමි. කෘෂිකර්මාන්තයට සෘජුවම සම්බන්ධ නොවුනත්, දැනට ඇතිවී ඇති උග්‍ර LP ගෑස් (LPG) ප්‍රශ්නයට විසඳුමක් අප හමුවේ ඇත. එනම් LP ගෑස් වෙනුවට දර සහ දර අඟුරු භාවිතයයි.

 

මේ සඳහා දැනටමත් සැලකිය යුතු පිරිසක් උඳුන් නිෂ්පාදනයට යොමුවී ඇති නමුත්, ඒ සියල්ලම තවදුරටත් තිරසාර හෝ මිල දැරිය නොහැකි පොල්කටු අඟුරු භාවිතය නිර්දේශ කරති. එබැවින් එයට විකල්පයක් ලෙස එම උඳුන් සදහා දර අඟුරු සාර්ථක ලෙස යොදා ගත හැකි බව අපගේ පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත. එමෙන්ම එම උඳුන් නිෂ්පාදකයින්ද මෙම වෙනස කෙරෙහි විශ්වාසය පල කර ඇත.

 

එහෙත් ඇති පමනට දර අඟුරු නිෂ්පාදනයට යොමුවී ඇති අය අල්ප බැවින් මෙම විසඳුම සාර්ථක ලෙස ව්‍යාප්ත කිරීමට නොහැකි වී ඇත.

 

කෘෂිකර්මාන්තයේ නියැලෙන ඔබ සැමට මෙම අඩුව පියවීමට ආරාධනය කරමි. එය ඉතාමත් වාසිදායක ව්‍යාපාරයක් විය හැකි බව මේ සමග අමුණා ඇති සටහන් මගින් පෙනීයයි.  මේ සදහා ඔබ කිසිවෙක් යොමුවීමට කැමති නම් කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිස වැඩි විස්තර ලබා ගන්න (www.bioenergysrilanka.lk). නැතහොත් මා අමතන්න.

 

පරාක්‍රම ජයසිංහ   077 726 9979, parajayasinghe@gmail.com

 

More Info:-